අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Patricia Raybon

පැට්‍රීෂියා රේබෝන්

.

පැට්‍රීෂියා රේබෝන් විසින් රචිත ලිපි

කවදාවත් අතහැර දමන්න එපා

“කාලය ගෙවී ගියේය. යුද්ධය පැමිණියේය.” දකුණු සුඩානයේ කෙලිකෝ වැසියන්ගේ රදගුරු සෙමි නිගෝ තම සභාවෙන් තමන්ගේම භාෂාවෙන් බයිබලය ලබාගැනීමේ දීර්ඝ අරගලයේ ප්‍රමාදයන් විස්තර කළේ එළෙසිනි. ඇත්ත වශයෙන්ම, එක වචනයක්වත් කෙලිකෝ භාෂාවෙන් මුද්‍රණය කර නැත. දශක ගණනාවකට පෙර, බිෂොප් නිගෝ ගේ සීයා ධෛර්ය සම්පන්නව බයිබල් පරිවර්තන ව්‍යාපෘතියක් ආරම්භ කළ නමුත් යුද්ධය හා නොසන්සුන්තාවය නිසා එම උත්සාහය නතර විය. එහෙත්, උතුරු උගැන්ඩාවේ සහ…

ගායනා කිරීමට මතක තබා ගන්න

විශ්‍රාමික ඔපෙරා ගායිකාවක් වන නැන්සි ගුස්ටාෆ්සන් ඇගේ මව බැලීමට ගිය විට ඇය අමතක වීමේ (ඩිමෙන්ෂියා) රෝගයෙන් පිරිහෙමින් සිටින බව දුටුවාය. ඇගේ මව ඇයව හඳුනා නොගත් අතර කථා කළේද අල්ප වශයෙනි. කිහිප වතාවක් මාසිකව මව බැලීමට පැමිණීමෙන් පසුව නැන්සිට අදහසක් පහළ විය. නැන්සි මවට ඇසෙන්න ගායනා කළාය. සංගීතය ඇසුණු ඇගේ මවගේ ඇස් ආලෝකමත් වූ අතර ඇයද ගායනා කිරීමට පටන් ගත්තාය -…

නැතිවූ දේ නැවත ලබා ගැනීම

දුරකථන වෙළඳ සැළේදී තරුණ සභාපාලකයා නරක ආරංචියක් බලාපොරොත්තු වූයේය. ඔහුගේ ස්මාර්ට් ජංගම දුරකථනය අපගේ බයිබල් පංතියේදී අහම්බෙන් වැටී තිබීම මුළුමණින්ම පාඩුවක් නේද? ඇත්ත වශයෙන්ම නැත. වෙළඳ සැළේ ලිපිකාරිනිය සභාපාලක තුමාගේ බයිබල් වීඩියෝ සහ ඡායාරූප ඇතුලු සියලු දත්ත සොයා ගත්තාය. “මම මකා දැමූ සෑම ඡායාරූපයක්ම ඇය සොයා ගත්තාය” කියා ඔහු කීවේය. “එසේම මාගේ බිඳුණු දුරකථනය වෙනුවට වෙළඳ සැළ අලුත් දුරකථනයක් ආදේශ…

අවසානයේදී නිදහස ලබා

බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියෙකු වූ ජෝන් මැකාතිට - ලෙබනනයේ දරුණු සිවිල් යුද්ධයේ පස් අවුරුදු ප්‍රාණ ඇපකරුවෙකු වූ ඔහු නිදහස් කිරීමට සාකච්ඡා කළ පුද්ගලයාව හමුවන්නට වසර 20ක් ගත විය. අවසානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තානාපති ජියාන්ඩොමිනිකෝ පික්කෝව මුණගැසුණු විට මැකාති සරළව පැවසුවේ “මගේ නිදහසට ස්තුතියි!” මැකාතිට නිදහස ලබාගැනීම සඳහා භයානක සාකච්ඡා අතරතුරදී පික්කෝ තම ජීවිතය පරදුවට තබා ඇති නිසා ඔහුගේ හෘදයාංගම වචන විශාල බරක්…

අපගේ දයානුකම්පිත දෙවියන්වහන්සේ

එක් සීත කාලයක රාත්‍රියක යම් කෙනෙක් කුඩා යුදෙව් දරුවෙකුගේ නිදන කාමරයේ ජනේලයට විශාල ගලක් විසි කළේය. මෙම ජනේලයේ දාවිත්ගේ තරුවක් එල්ලා තිබුණු අතර ඒ සමඟ “මෙනෝරා” :ඵැබදර්ය* එකක් - යුදෙව්වන්ගේ ශාඛා හතකින් යුත් ඉටිපන්දම් රඳවනයක්ද එල්ලා තිබුණි. එසේ කර තිබුණේ හනුක්කා :්‍ය්බමනන්ය* නමින් යුදෙව්වන්ගේ ආලෝකයේ උත්සවය සමරන පිණිසය. මේ දරුවා ජීවත් වුණේ මොන්ටානා ප්‍රාන්තයේ බිලිංස් නමැති නගරයේ ය. ඒ නගරයේ…

ජීවිතයේ ගිණිකෙළි

අලුත් අවුරුද්ද උදාවෙද්දී ලෝකය පුරා අධි බලැති ගිණි කෙළි පුපුරන විට නැගෙන ශබ්දයේ අරමුණක් තිබේ. එම නිෂ්පාදකයින්ට අනුව දීප්තිමත් ගිණි කෙළි වලින් කරන්නේ පරිසරය දෙකඩ කිරීමකි. එසේම පිපිරීමේ දෙවන වර ශබ්දය ඉතා විශාලය. විශේෂයෙන් ඒවා පොළොවට සමීපයේ පිපුරුණ විටය.

කරදරද අපගේ සිතිවිලි, මනස සහ නිවෙස් තුළ පිපිරිය හැකිය. පවුල් අරගල, සම්බන්ධතා ගැටළු, වැඩ ගැන ඇති අභියෝග, මූල්‍යමය කරදර, සභා බෙදීම්…

ගුණවත් කථාව

මම මුහුණු පොතේ විවාද කරමින් සිටියෙමි. මා ගත් වැරදි පියවරක්. උණුසුම් විෂයක් ගැන අමුත්තෙකුව හරි ගැස්සීම මා කළ යුතු බව මට සිතුණේ ඇයි? විශේෂයෙන් බෙදුණු විෂයක් ගැන. ප්‍රතිඵලය වූයේ උණුසුම් වචන, සිත් රිදුම් (විශේෂයෙන් මගේ පැත්තෙන්), සහ එසේම යේසුස්වහන්සේ ගැන කථා කිරීමේ හොඳ අවස්ථාවක් මග හැරී යාමය. “අන්තර්ජාල කෝපයේ” සම්පූර්ණ ප්‍රතිඵලය එයයි. “අන්තර්ජාල කෝපය” යනු දිනපතා “බ්ලොග් ක්‍ෂේත්‍රයේ” එයා මෙහා…

ඝට්ටනයෙන් හැරීම

සුප්‍රසිද්ධ ඕලන්ද ජාතික විද්‍යාඥයකුගේ අවමංගල්‍ය උත්සවයේදී ඇල්බට් අයින්ස්ටයින් කළ ගුණකථනයකදී, ඔවුන් අතර තිබූ විද්‍යාත්මක ආරවුල් පිළිබඳ කථා කළේ නැත. ඒ වෙනුවට හෙන්ඩ්‍රික් ඒ. ලොරෙන්ට්ස් නම් භෞතික විද්‍යාඥයාගේ “නොවරදින කරුණාව” ගැන මතක් කළේය. ඔහු ගතකළ සරල ජීවිතය සහ සියල්ලන්ට සාධාරණව සැළකූ ආකාරය ගැනද ඔහු විස්තර කළේය. “හැමදෙනාම ඔහුව සතුටින් අනුගමනය කළා”, අයින්ස්ටයින් කීවේය “මන්ද ඔහු කිසි දිනක ඔවුන් පාලනය කිරීමට මාන…

ගස්වලට මුමුණන්නා

සමහරු ඔහුට “ගස්වලට මුමුණන්නා” යයි කියති. ටෝනි රිනාව්ඩෝ ඕස්ට්‍රේලියාවේ වර්ල්ඩ් විෂන් ආයතනයේ ගස් සාදන්නාය. ඔහු කෘෂිකර්ම විශේෂඥයෙක් වන අතර වසර 30ක පමණ කාලයක් පුරා ඔහු අප්‍රිකාවේ සාහෙල් ප්‍රදේශයේ වනගහනය අඩුවීම සමඟ සටන් කරමින් යේසුස්වහන්සේ ප්‍රකාශකරන මිෂනාරි වරයෙකි.

වර්ධනය අඩු පඳුරු ඇත්තෙන්ම අක්‍රීය ශාඛ බව ඔහු දැනගෙන රිනාව්ඩෝ ඒවා කප්පාදු කර, රැකබලාගෙන, ජලය සපයන්නට පටන්ගත්තේය. දහස් ගණන් ගොවියන් ඔහුගෙන් පන්නරය ලබා…

ලෝන්ඩ්‍රි (රෙදි සේදීමේ) දිනය

ඔහුගේ සභාව අසළ අඩු ආදායම් ප්‍රදේශයකින් ගමන් කරන අතර කොලරාඩෝ ප්‍රදේශයේ සභාපාලක චැඩ් ග්‍රැහැම් තම අසල්වාසීන් ගැන යාච්ඤා කළේය. එහිදී ඔහු හදිසියෙන්ම කුඩා ස්වයං ලොන්ඩරියක් දුටුවේය. ඔහු එය තුළට එබී බැලීය. එය පාරිභෝගිකයන්ගෙන් පිරී තිබුණි. එක් අයෙකු රෙදි වේලන යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට කාසියක් ඉල්ලුවේය. එම කුඩා ඉල්ලීම සතිපතා “ලෝන්ඩ්‍රි දවසක්” ආරම්භ කිරීමට ග්‍රැහැම්ගේ සභාවට දායකත්වය ලබා දීමට මග පෑදුවේය. සභා…